අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
තවත් දෙදෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි නිලධාරීන් සඳහන් කරන්නේ.
“ගෘහස්ථ ආරවුලක්” සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අතරතුරයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.
පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිස් කොමසාරිස් කර්නල් ක්‍රිස්ටෝපර් පැරිස් (Christopher Paris) පවසා ඇත්තේ, වෙඩි තැබූ තුවක්කුකරු ද පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් මහජනතාවට ක්‍රියාකාරී තර්ජනයක් නොමැති බවයි බලධාරීහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
👁️ 520 Views