Advertise here

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 960 Views

ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ‘ඊ‘ කාණ්ඩයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ඔවුන් දැනටමත් සුපිරි හතරදෙනාගේ වටය පෙනෙන මානයටම පැමිණයි සිටිනවා.

මෙය ‘ඊ‘ කාණ්ඩයෙන් සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තීරණය කිරීමට පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයක් වනවා.

ඒ අනුව අද තරගය ද ජයගතහොත් අපරාජිත කණ්ඩායමක් ලෙසින්ම සුපිරි වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකිවනවා.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් තරගාවලියෙන් අනිවාර්යෙන් ඉවත්වන අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබනවා.

👁️ 960 Views

More News..

Advertise here