ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක රශිඩ් ඛාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
පවර්ප්ලේ අවස්ථාවේ දී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 43ක් පමණක් වූ අතර, එහිදී මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම දැවීගියේය.
මෙම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කියූ නුවන් තුෂාර, දෙදෙනෙකුම පන්දුව කඩුල්ල වෙත යොමුකර දවාගැනීමට සමත් විය.
කෙසේ නමුත් ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබි ලකුණු 60ක් රැස්කිරීමට සමත් විය.
ඉන් අවසන් පන්දුවාරය යොමුකළ දුනිත් වෙල්ලාලගේට එරෙහිව ඔහු හයේ පහර 5ක් එල්ල කළේය.
👁️ 620 Views