වෙළඳ බාධක විසඳීම සඳහා මෝදි සමග සාකච්ඡාවකට ට්‍රම්ප් සැරසෙයි

දෙරට අතර පවතින වෙළඳ අර්බුදය විසඳීම සඳහා එක්සත් ජනපදය සහ ඉන්දියාව නැවත සාකච්ඡා ආරම්භ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබන්නේ දෙරට අතර පවතින වෙළඳ බාධක විසඳීම සඳහා දෙරට අතර අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව යි. ඒ අනුව ඉදිරි සතිවලදී ඔහුගේ ඉතා […]

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක ගින්නක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ. සපුගස්කන්ද පොලිසිය පැවසුවේ ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක යුහුසුළුව කටයුතු කරමින් සිටින බවය.  ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන සංචිතය නම් කරයි

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයෙර් නායකත්වය දරන්නේ තුන්ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු විසින්. කාන්තා ලෝක කුසලානය සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 2 වන දින දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව […]

කත්මණ්ඩු ගුවන්තොටුපොළ නැවත විවෘත කෙරේ

නේපාලය තුළ උද්ගත වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් පැය 24ක කාලයක් පුරා වසාදමා තිබූ කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම සිවිල් ගුවන්ගමන් සඳහා නැවත විවෘත කර ඇත. නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ මේ බව තහවුරු කර ඇත.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඒ මහතාව එළැඹෙන සැප්තැම්බර් මස 24 වනදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඇල්ල අනතුරේ බස් රථයේ හිමිකරු අත්අඩංගුවට

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දා 15 දෙනෙක්ට දිවි අහිමි කරමින් ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සඳහා බලපෑ ප්‍රධාන හේතුව බස් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයන් සිදු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගේ නියෝග […]

විශ්වාසභංග යෝජනාව පිළිබද තීරණය

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කතානායක ජගත් වික්‍රමරත්න අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමගම පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා . එහිදී කථානායකවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැලපෙන බැවින් එය තමාට එය පිළිගත නොහැකි බවය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ, […]

නේපාල පවතින ගැටුම්කාරී තත්ත්වය තුල කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නෑ

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. මෙතෙක් ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර, නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවා. මේ අනුව, ශ්‍රී […]

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. […]