Advertise here

විශ්වාසභංග යෝජනාව පිළිබද තීරණය

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 220 Views

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කතානායක ජගත් වික්‍රමරත්න අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමගම පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා .

එහිදී කථානායකවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැලපෙන බැවින් එය තමාට එය පිළිගත නොහැකි බවය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසය.

මෙහිදී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ද කථානායකවරයාගේ තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එහිදී කථානායකවරයා පවසා සිටියේ, ඒ සඳහා අවස්ථාව නොමැති බවත් ය. පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ,එහිදී අදාළ දැනුම්දීම හොඳින් කියවා බලන ලෙස කථානායකවරයා විපක්ෂ නායකවරයාට කියා සිටියේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට පසුගිය අගෝස්තු මස 12 වන දින භාර දී තිබුණ අතර එහිදී තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අගෝස්තු 19  වන දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

👁️ 220 Views

More News..

Advertise here