Advertise here

නේපාල පවතින ගැටුම්කාරී තත්ත්වය තුල කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නෑ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 560 Views

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙතෙක් ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර, නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවා.

මේ අනුව, ශ්‍රී ලාංකික සිසුන් 22 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 99 දෙනෙකු (තානාපති කාර්ය මණ්ඩලය සහ පදිංචිකරුවන් ඇතුළු) නේපාලයේ සිටින බව තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සියලු පුරවැසියන් සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා හදිසි දුරකථන අංක සකසා දී ඇති අතර, අවශ්‍ය සහය ලබාදීමේ කටයුතු සිදු කරමින් සිටිනවා.

මේ අතර නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ (09) රාත්‍රී 10 සිට එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණද විරෝධතාකරුවන් එය නොතකමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේවනවිට එරට අග්‍රාමාත්‍යවරයා, මෙන්ම ජනාධිපතිවරයා ද සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබේ.

එලෙසම නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් තුළ රැඳී සිටීමට, විරෝධතා හා උද්ඝෝෂණා කලාපවලට නොයෑමට සහ නිකුත් කරන ලද ඇඳිරිනීතිය දැඩිව පිළිපැදීමට අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අවශ්‍ය තත්ත්වයන් හමුවේ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් බවයි අවධාරණය කර ඇත්තේ.

👁️ 560 Views

More News..

Advertise here