Advertise here

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන සංචිතය නම් කරයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 160 Views

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයෙර් නායකත්වය දරන්නේ තුන්ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු විසින්.

කාන්තා ලෝක කුසලානය සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 2 වන දින දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සැප්තැම්බර් 30 වන දින තරඟාවලියේ ආරම්භක තරඟයේදී ඉන්දියාවට එරෙහිව ගුවහාටි හිදී තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

1) චමරි අතපත්තු (නායිකාව), 2) හසිනි පෙරේරා, 3) විශ්මි ගුණරත්න, 4) හර්ෂිත සමරවික්‍රම, 5) කවිෂා දිල්හාරි, 6) නිලක්ෂි ද සිල්වා, 7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව), 8) ඉමේෂා දුලානි, 9) දෙව්මි විහංඟා, 10) පියුමි වත්සලා, 11) ඉනෝකා රණවීර, 12) සුගන්දිකා කුමාරි, 13) උදේශිකා ප්‍රබෝධනී, 14) මල්කි මදාරා, 15) අචිනි කුලසූරිය

👁️ 160 Views

More News..

Advertise here