ජපාන අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (07) එරට වේලාවෙන් සවස 6.00ට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය තීරණය තහවුරු කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ, තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම තමන් භාරගන්නා බවය. ඉකුත් ජූලි මාසයේ පැවති ජපාන මැතිවරණයෙන් සිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ඓතිහාසික පරාජයක් ලැබීමට සිදුවිය. එය ඔහුගේ […]

විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ජය ශ්‍රී ලංකාවට

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් විය. ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස අවසන් කර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ පිලට ආරාධනා කළා. ඒ අනුව, පළමුවෙන් […]

ජපාන අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු අද (07) එම තීරණ ගෙන ඇත්තේ,ලොව සිව්වන විශාලතම ආර්ථිකය නව දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද දමමින්ය. තම පාලක පක්ෂය තුළ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ජපාන අගමැති ඉෂිබා එරට වේලාවෙන් සවස 6 ට […]

ඇල්ල අනතුරේ බස් රියදුරාගේ රුධිර සාම්පල පරීක්ෂාවට

ඇල්ල වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථ රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂාව සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එම රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රුධිර සාම්පල අද දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කළේය. අදාළ අනතුරින් […]

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. තරග තුනකින් සමන්විත තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසු වෙනවා. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 80ක් පමණයි. අද පැවැත්වෙන අවසන් තරගයෙන් තරගාවලියේ ශූරයන් කවුරුන්ද යන්න තීරණය වෙන අතර අද තරගය […]

මරණයකින් කෙළවර වු ආරවුල

හොරණ – කැබැල්ලගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ කැබැල්ලවත්ත, හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පුද්ගලයෙකි. මෙම පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය විසින් […]

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් අද

අද (07) ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. අද රාත්‍රී […]

අද බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.  භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පොහොයේදී සිදුවී තිබෙනවා. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනට එක් වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. එමෙන්ම තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද […]

පාසල් පැවැත්වෙන දිනයන්හී වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් […]

කාලගුණයේ වෙනසක්

ඉදිරි දින කිහිපයේදී  උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල  සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පනසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි […]