Advertise here

අද බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,080 Views

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. 

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පොහොයේදී සිදුවී තිබෙනවා.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනට එක් වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

එමෙන්ම තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම සහ බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති සඳහන්.

එලෙසම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දින‍කයි.

👁️ 3,080 Views

More News..

Advertise here