Advertise here

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් තරගය අද

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,360 Views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා.

තරග තුනකින් සමන්විත තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසු වෙනවා.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 80ක් පමණයි.

අද පැවැත්වෙන අවසන් තරගයෙන් තරගාවලියේ ශූරයන් කවුරුන්ද යන්න තීරණය වෙන අතර අද තරගය මෙරට වේලාවෙන් අද සවස 5.00ට ආරම්භ වීමට නියමිතයි.

පන්දුවාර විස්ස ආසියානු කුසලාන තරගාවලියට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන අවසන් පන්දුවාර විස්ස තරගය මෙ‍ය වීම විශේෂත්වයක්.

👁️ 1,360 Views

More News..

Advertise here