ඇල්ල වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථ රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂාව සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රුධිර සාම්පල අද දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කළේය.
අදාළ අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් 12 දෙනෙකු තංගල්ල නගර සභාවේ සේවකයින් වන අතර ඔවුන්ගේ දේහයන් මේවන විට සිය නිවෙස් වෙත භාර දී ඇති බවත් අවසන් කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිත බවත් වාර්තා වේ.
මේ අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 17 කගෙන් පුද්ගලයින් 11 දෙනෙකු තවදුරටත් බදුල්ල මහා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
👁️ 580 Views