Advertise here

පවතින විරෝධතා හමුවේ නේපාල ජනපති හා අගමැති ඉල්ලා අස්වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,260 Views

නේපාලයේ පවතින දැවැන්ත විරෝධතා හමුවේ එරට ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඉල්ලා අස්වීමත් සමඟ නේපාලයේ දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නේපාලයේ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා මේ වන විට දූෂණයට එරෙහි සහ ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කරන විරෝධතා දක්වා වර්ධනය වී තිබෙනවා.

පවතින විරෝධතා මධ්‍යයේ ගුවන්තොටුපොළේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් ද යොදවා තිබේ.

මේ තත්ත්වය හමුවේ නේපාල අගමැති කේ.පී. ෂර්මාද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

👁️ 2,260 Views

More News..

Advertise here