Advertise here

රට යවන බව පවසා මුදල් එකතු කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,480 Views

ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේ ඉකුත් දා සිදු කළ වැටලීමකින් විවිධ පුද්ගලයන්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් නීති විරෝධීව සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු හා සැකකාරියක අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය පවසනවා.

සැකකරු වයස අවුරුදු 51 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සැකකාරිය වයස අවුරුදු 62 ක් වන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් සඳහන්.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාව පුරා විවිධ පුද්ගලයන්ගෙන් ඉතාලි යවන බව පවසා ලක්ෂ ගණන් එකතු කරගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.

මෙම ජාවාරමට ඉතාලියේ වෙසෙන අයෙකු හවුල් වී ඇතැයි ද ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් හඳුනාගනිමින් සිටින බවද පොලිසිය පවසනවා.

සැකකාරිය හා සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 16වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

👁️ 1,480 Views

More News..

Advertise here