Advertise here

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 500 Views

නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.

පසුගියදා නේපාලය තුළ ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් නේපාල රජය විසින් තහනම් කිරීමට පියවර ගත් අතර මීට විරෝධය පළ කරමින් එරට තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවකද නිරත විය.

එහිදී විරෝධතා අතරතුර කන්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද විරෝධතාකරුවන් ඇතුළු වූ අතර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබීය.

එමනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන නේපාල රජය විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ.

👁️ 500 Views

More News..

Advertise here