කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටිගම,කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක් වූ පුද්ගලයෙකි. .
මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූවාද නැතහොත් වෙනත් සැකකටයුතු මරණයක්ද යන්න සම්බන්ධයෙන් කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම පල්ලේකැලේ පොලිස් වසමේ එළිමහන් සිර කඳවුර අසල ඇති වික්ටෝරියා ජලාශයේ ද පාවෙමින් තිබියදී පිරිමි පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බාබර් වත්ත,ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63ක් වූ පුද්ගලයෙකි.
මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පල්ලේකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
👁️ 1,260 Views