තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත්විය.
එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ඔහු මෙම ධුරයට පත්ව ඇත.
අනුටින් චාන්විරකුල් මෙහිදී අගමැතිධූරයට පත්වුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයින් 311 දෙනෙකුගේ ඡන්ද ලබා ගනිමින්.
තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ අතර, එම පුරප්පාඩුව වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
👁️ 1,200 Views