Advertise here

පෘතුගාලයේ ලිස්බන් අගනුවර දුම්රියක් පීලි පැනීමෙන් 15කට දිවි අහිමිවෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,240 Views

පෘතුගාලයේ ලිස්බන් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති වසර 140ක් පැරණි ග්ලෝරියා ෆර්නිකියුලර් දුම්රිය පීලි පැනීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇත.

මෙම අනතුරින් තවත් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අනතුර ඊයේ සවස 4.5ට පමණ සිදු වී ඇති අතර මෙම අනතුරින් ජාතිකත්වය තහවුරු කළ නොහැකි මියගිය අය අතර විදේශිකයන් ද සිටි බව බලධාරීන් පැවසීය.

පෘතුගාල රජය ඊයේ ජාතික ශෝක දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබුණි.

👁️ 1,240 Views

More News..

Advertise here