අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවය. සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ද කෝසල අබේසිංහ මහතා පැවසුවේය.
👁️ 1,340 Views