Advertise here

භාතිය හස්තියා අවසන් සුසුම් හෙළයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,260 Views

ෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් මහත් මහත් වෙහෙසක් දැරීය.

මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පශු වෛද්‍යවරුවන් පැවසීය.

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (14) අනෙක් පසට හැරවීම සිදුකර තිබුණි.

අවුරුදු 30 – 35 අතර වයසක පසුවන කාගෙත් අවදානයට ලක්වූ හස්තියා වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවී මෙලෙස අද උදෑසන ජීවිතය හැර ගියේ රටම කම්පාවට පත්කරවමිනි.

👁️ 5,260 Views

More News..

Advertise here