Advertise here

ශිරන්තිව අත්අඩංගුවට ගැනීම නවත්වා දෙන්න්නැයි මහින්ද ඉල්ලා නැ.. මල්වතු පාර්ශ්වයෙන් නිවේදනයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,620 Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් ‘ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා’ සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ…මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂපාඨයෙන් අසත්‍ය පුවතක් පළ කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.

එම පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, මල්වතු මහා විහාරයේ, උපලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ පුවතේ සඳහන් පරිදි මහින්ද රාජපක්ෂ මහතා හා මල්වතු මහානායක හිමිපාණන් කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර, එවැනි අසත්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

👁️ 2,620 Views

More News..

Advertise here