Advertise here

සාමකාමීව කටයුතු කරන්න… ශ්‍රී ලංකාව ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 880 Views

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටී.

ඉරානය සහ ඊශ්‍රායලය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

ඊශ්‍රායලය සහ ඉරානය, දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ලංකාව ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ සඳහන්ය.

👁️ 880 Views

More News..

Advertise here