Advertise here

‘රිලා ඇමති ලක්ෂ 100ක් වියදම් කරල රිලවෙක්ට ආප්පයක්වත් අරන් දුන්නෙ නෑ’

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 520 Views

චාමර සම්පත් පර්ලිමේන්තුවේදී…

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ සියලුම වැඩ අසාර්ථක වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව අද වන විට Clean Sri Lanka ව්‍යාපෘතියට සිදුවූ දෙයක් නොමැති බවත්, දළදා වන්දනාව, රණවිරු සැමරුම, මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය ආදිය ද ආණ්ඩුව විසින් අසාර්ථක කරගත් බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවට ඉතුරු වී ඇත්තේ “Bribery සරණං ගච්ඡාමි” පමණක් වන බවත්, හැමදාම ‘ඔය සෙල්ලම්’ කළ නොහැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා තම වැඩපිලිවෙළ නිවැරදිව ගෙන යන විට, ගෝලයින් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන ආකාරයෙන් වැඩ කරන බවත්, අදටත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ඡන්දයක් ලැබෙන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය මත පමණයි.

👁️ 520 Views

More News..

Advertise here