Advertise here

බස්රථ දෙකක් ගැටී දෙදෙනෙක් මරු​ට.. 30ක්රෝහලේ…

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 440 Views

පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරිය යුද හමුදා කඳවුර අසලදී කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කොළඹ සිට කදුරුවෙල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බස් රථ දෙකෙහි ගමන් කල පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල් වලට ඇතුලත් කර ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු පොළොන්නරුව හා හිඟුරක් ගොඩ රෝහල් වලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

👁️ 440 Views

More News..

Advertise here