Advertise here

සුදත්ත ඉරාජ්ගෙන් මි.50ක් වන්දි ඉල්ලයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 860 Views

ප්‍රසිද්ධ යූ ටියුබ්කරුවෙකු වන සුදත්ත තිලකසිරිගේ කීර්ති නාමයට හානි වූ බව දන්වමින් සුදත්ත තිලකසිරි විසින් නීතීඥවරියක මාර්ගයෙන් ඉරාජ් වීරරත්න වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා. ඒ “Iraj Show” යූ ටියුබ් නාලිකාවේ පළකරන ලද වීඩියෝවක් සම්බන්ධවයි
එහි සඳහන් වන ආකාරයට අදාළ වීඩියෝව 2025 පෙබරවාරි 23 වැනිදා සජීවී වීඩියෝ විකාශනයක් ලෙස පළකර ඇති අතර, එය උපුල් අනුරාධ නම් අයගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක ස්වරූපයක් ගත් බව සඳහන්.
එහිදී සුදත්ත තිලකසිරි හට පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත්, බොහෝ පිරිස් අතර හුවමාරු වූ එම වීඩියෝව හරහා සිය සේවාදායකයාට සැලකිය යුතු අවමානයක් සිදුව ඇති බවයි නීතීඥවරයා එන්තරවාසිය මගින් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම අදාළ විකාශනයේ අඩංගු අන්තර්ගතය අසත්‍ය සහ අපහාසාත්මක බවත් එය සිය සේවාදායකයාගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් ප්‍රකාශයට පත් කර ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.
එමගින් සිය සේවාදායකයාට බරපතල මානසික හිරිහැරයක් වී ඇති අතර එම හේතුව නිසාවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදු වූ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වැලිකඩ පොලිස් ස්ථානයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එහි සඳහන්.
එයාකාර පදනම් විරහිත තොරතුරු ප්‍රචාරය කිරීම හමුවේ සිදුව ඇති අපකීර්තිය හේතුවෙන් කීර්ති නාමයට හානිවීම මත අදාළ අපහාසාත්මක අන්තර්ගතය හේතුවෙන් රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ගෙවන ලෙස ද එන්තරවාසියේ දැක්වෙයි.
එමෙන්ම අදාළ වීඩියෝව සහ ඊට සම්බන්ධ වෙනත් පූර්ව ප්‍රචාරකපට ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි එමගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
මේ අතර එම ඉල්ලීමට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, වැඩිදුර දැනුම් දීමකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙමඟින් අවධාරණය කර තිබේ.

👁️ 860 Views

More News..

Advertise here