අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලීසියට ලද තොරතුරක් මත මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුබැද්ද ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග එම ත්‍රීරෝද රථ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගත් තොරතුරු අනුව අගුලාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ බිරිඳ සන්තකයේ තිබී තවත් අයිස් ග්‍රෑම් 10ක් සමඟ සැකකරුගේ බිරිඳද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව අඟුලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි 31 සහ 21 හැවිරිදි අඹුසැමි යුවළක් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම දෙපළට මත්ද්‍රව්‍ය ලැබුණේ කාගෙන්ද සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් සහ ඔවුන්ගේ ගිණුම් විස්තර සම්බන්ධයෙන් එහිදී රඳවා ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලන බවද පොලිීසිය වැඩිදුර සඳහන් කළේය.