Advertise here

එගොඩ උයන මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 980 Views

ඊයේ (16) වැනි දින සවස් කාලයේ එගොඩ උයන පොලිස් වසමේ එගොඩ උයන මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට එගොඩ උයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ, වයස අවුරුදු 17ක් වන කටුකුරුන්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදන් වූ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ ඉහත සඳහන් ස්ථානයේ දිය නෑමට ගොස් සිටියදී තිදෙනාම මුහුදු රළකට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි සඳහන් වන්නේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා එගොඩ උයන පොලිසිය තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.

👁️ 980 Views

More News..

Advertise here