Advertise here

වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,800 Views

නවගත්තේගම කුරුකැටියාව ගම්මාන‍යේ දී වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි දෙදරු පියෙකි.

උපකාරක පංති සඳහා සහභාගී වූ සිය වැඩිමහල් දියණිය රැගෙන ඒම සඳහා කුරුකැටියාව ගම්මානයේ සිට මහ උස්වැව ප්‍රදේශයට යතුරුපැදියකින් යමින් සිටිය දී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.

රෝහල් ගත කරන අවස්ථාව වනවිටත් ඔහු මිය ගොස් සිට ඇති බව වාර්තා වේ.

ගම්වාසීන් චෝදනා කරන්නේ වනඅලි උවඳුර හේතුවෙන් මෙම ප්‍රදේශයේ කුඩා දරුවෙකු ඇතුළු 8දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

👁️ 1,800 Views

More News..

Advertise here