Advertise here

ඉස්ලාමාබාද් නුවර සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන පාකිස්තාන අගමැතිගෙන් චෝදනා

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 7,960 Views

ඉස්ලාමාබාද් නුවර සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය ඉන්දියාව විසින් මෙහෙයවන ලද්දක් බවට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් චෝදනා කර තිබේ. පසුගිය අඟහරුවාදා (11දා) සිදු වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයෝ 12 දෙනෙක් මරණයට පත් වූහ.

ඊයේ (13දා) මාධ්‍ය අමතමින් පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ මේ ප්‍රහාරය ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තවාදයේ නරකම උදාහරණය බවත් ඉන්දියාවේ මෙවැනි දුෂ්ට කුමන්ත්‍රණ ලෝකය හෙළා දැකිය යුතු බවත්ය.

නමුත් ප්‍රහාරයේ වගකීම ටෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්තාන සන්නද්ධ කණ්ඩායමෙන් වෙන් වූ කණ්ඩායමක් වන ජමා-උල්-අහ්රාර් කල්ලිය භාරගෙන ඇත.

👁️ 7,960 Views

More News..

Advertise here