අසර්බයිජානයේ සිට ආපසු එමින් තිබූ තුර්කි C-130 හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ජෝර්ජියාවේදී කඩා වැටීමට ලක්වූවා.
එසේ කඩා වැටීමෙන් එහි සිටි 20 දෙනාම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම අනතුර සිදුව ඇත්තේ, ගුවන් යානය තුර්කියට ආපසු එමින් සිටියදී වන අතර, තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝගන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම සෙවීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම් වහාම සිද්ධි ස්ථානයට පිටත්ව ගොස් තිබුණා.
එසේම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම අනතුර ජෝර්ජියා-අසර්බයිජානියානු දේශසීමාව ආසන්නයේ සිදුව ඇති අතර, සිද්ධිය සිදුවූ ස්ථානයට ළඟා වීමට ජෝර්ජියානු බලධාරීන් සමග සම්බන්ධීකරණය කරන බවයි.
තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යර්ලිකායා කියා සිටියේ, තමන් ජෝර්ජියානු අගමැති සමග දුරකථනයෙන් කතා කළ බවත්, ඔහු අනතුර සිදුවූ ස්ථානයට යමින් සිටින බවත්.