Advertise here

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් – මෙරට රත්‍රං මිල ද යළි ඉහළ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 7,140 Views

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබේ.

අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,120 පසුකර ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල පසුගිය අඟහරුවාදා දිනට සාපේක්ෂව රුපියල් 8,000කින් පමණ අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 7,000කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රු. 300,600කි.

මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 325,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි

👁️ 7,140 Views

More News..

Advertise here