Advertise here

ඉන්දියාවේ දිල්ලි අගනුවර සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,580 Views

ඉන්දියාවේ දිල්ලි අගනුවර රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ මෙම පිපිරීමෙන් දැවැන්ත ගින්නක් ඇති වූ අතර ප්‍රදේශය පුරා මෙහි බලපෑම එල්ල වුණි. 

පිපිරීමත් සමඟ ඉන්දීය අගනුවර පුරා පොලීසිය විසින් වහාම දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි ගිනිනිවන සේවා සහ පොලීසිය එක්ව මේ වනවිට අදාළ ස්ථානයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

👁️ 5,580 Views

More News..

Advertise here