Advertise here

දකුණු කොරියාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,400 Views

දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු බවට දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.

ඊයේ (09) රාත්‍රියේ එරට පොලීසියට ලද දුරකථන ඇමතුමකට අනුව සිදුකළ සෝදිසි කිරීමක දී අදාළ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළේ ජල ටැංකියක තිබී මළ සිරුරු තුනක් හමුව තිබේ.

එම ජල ටැංකිය මීටර් 4ක් පළල, මීටර් 3 ක් දිග සහ මීටර් 2ක් උසකින් යුක්ත වූ විශාල ජල ටැංකියක් බව සඳහන් විය.

එම අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළේ කළමනාකරු වන 50 හැවිරිදි කොරියානු ජාතිකයා ද මියගොස් සිටි අය අතර සිටියි.

මියගොස් සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අවුරුදු 20 සහ 30 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

මෙලෙස මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව දකුණු කොරියානු මාධ්‍ය පවසයි.

එමෙන්ම සිදුවී ඇත්තේ කුමක්ද සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

👁️ 6,400 Views

More News..

Advertise here