Advertise here

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,020 Views

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එමෙන්ම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත නාවික හමුදා භාරයට ගත් ධීවරයින් භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

👁️ 2,020 Views

More News..

Advertise here