Advertise here

සම්පත් මනම්පේරිට අයත් බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක්පොලිස් භාරයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,980 Views

රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි යන අයගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී අදාළ වාහන සොයා ගෙන ඇති බව සඳහන් වේ.

පසුගියදා සම්පත් මනම්පේරි යන අය මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් දෙකක් ළග තබා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

පසුව ඔහුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබා දුන්නේය.

👁️ 4,980 Views

More News..

Advertise here