Advertise here

අයවැය හිඟය රු.බිලියන 1757ක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,180 Views

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (07දා) සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලබන වසර (2026) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනයෙන් ලබන වසරේ සමස්ත අයවැය හිඟය රු.බිලියන 1757ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

මේ වර්ෂය (2025) සඳහා සංශෝධිත අයවැය හිඟය රු.බිලියන 1448ක් වන අතර මේ අනුව ලබන වසරේදී සමස්ත අයවැය හිඟය රු. බිලියන 309කින් (රු.කෝටි 30900කින්) ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රු.බිලියන 1757ක සමස්ත අයවැය හිඟය නියෝජනය කරන ලබන වසරේ (2026) මුළු ආදායම (ප්‍රදාන සමග) රු.බිලියන 5300ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ලබන වසරේ (2026) මුළු වියදම රු.බිලියන 7057ක් ලෙස ද ඇස්තමේන්තු ගතකර තිබේ.

සමස්ත අයවැය හිඟය පියවා ගැනීමට සැලසුම් කර ඇත්තේ මුළු විදේශ මූල්‍යනය ලෙස රු.බිලියන 235කින් සහ මුළු දේශීය මූල්‍යනය ලෙස රු.බිලියන 1522ක් වශයෙනි.

👁️ 1,180 Views

More News..

Advertise here