Advertise here

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ පාසල් වේලාව දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන අවසන් තීරණය හෙටට පෙර දැනුවත් කරන්න

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,360 Views

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ පාසල් වේලාව සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන අවසන් තීරණය සම්බන්ධයෙන් නොවැම්බර් 07 දාට පෙර අධ්‍යාපන වෘත්තීය සමිති දැනුවත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලා සිටී.

එම තීරණයේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් දෙසැම්බර් මුල් සතිය තුළ වැඩවර්ජනයක් කැඳවන බව ද ඊයේ (05දා) කොළඹ පැවැති අධ්‍යාපන වෘත්තීය සමිති සමුළුවේදී ඒ සම්බන්ධයෙන් එකඟතාවට එළැඹි බව ද ඒ මහතා කීය.

එලෙසම පාසල් වේලාව දීර්ඝ කිරීමට ගුරුවරුන් සමග සාකච්ඡා කළ බවට අධ්‍යාපන ඇමැතිවරිය ප්‍රකාශ කළ ද එවැනි සාකච්ඡාවක් කර ඇති බවට කිසිදු ගුරුවරයකු පවසන්නේ නැතැයි ද ඔහු කීය. නව ප්‍රතිසංස්කරණයට අනුව විවේක කාලවේලා 02ක් ප්‍රකාශ කර තිබුණත් වෘත්තීය සමිති එල්ල කළ විරෝධතාවලින් පසු එක් විවේක කාලයක් අතුරුදන් වී ඇතැයි ද ස්ටාලින් මහතා කීය.

තවද ලබන සඳුදා (10දා) ආරම්භ වන උසස් පෙළ විභාගයට බාධාවක් නොකිරීමට දැනට තීරණයක් ගෙන ඇතැයි ද ස්ටාලින් මහතා කීය.

👁️ 1,360 Views

More News..

Advertise here