Advertise here

නිදන් හැරීමට ගිය පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,580 Views

රිදීමාලියද්ද ඌරාකොටේ කන්ද ප්‍රදේශයේ අද (5) අලුයම නිදන් හෑරු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් දෙදෙනෙකු සේවය හැරගිය ආරක්ෂ අංශ සාමාජිකයන් බව සඳහන්.

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රිටිගහරාව ග්‍රාම නිලධාරි වසමේ මෙම පිරිස නිදන් හෑරීමේ නිරතව සිටි බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.

එම ස්ථානයේ තිබී වතුර මෝටරයක් ඇතුළු  කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සොයාගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, රිදීමාලියද්ද හා අරාව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40, 43, 35 හා 27 යන වයස්වල පසුවන්නන්ය.

👁️ 3,580 Views

More News..

Advertise here