රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය ගැටලුකාරි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (04දා) පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
ආණ්ඩුවේ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසන්නේ රාජ්‍ය සේවය ලක්‍ෂ අටක සංඛ්‍යාවක පවත්වාගත යුතුයි. එහෙත් රජය දැන් නිවේදනය කරලා තියෙන්නෙ තවත් විශාල පිරිසක් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා බවයි.
රාජ්‍ය සේවයට බඳවා ගැනීම කොයි ආකාරයෙන්ද වෙන්නෙ මොකද වෙන්නෙ කියන එක දැනගන්න අවශ්‍යයි. මං හිතන විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තියෙන්නෙ දෙන ඉලක්කය සපුරන්න මිසක් අභ්‍යන්තර පරිපාලනය ගෙනියන්න නෙවෙයි.
👁️ 1,720 Views