ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ඊයේ (03) දිනට සාපේක්ෂව රුපියල් 1,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 293,200ක් දක්වා පහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 294,000ක් ලෙසයි.
මේ අතර ඊයේ දිනයේ දී රු. 318,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 317,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
👁️ 3,020 Views