Advertise here

ත්‍රිරෝද රථයක් පෙරළී රියැදුරු ලෙස කටයුතු කළ කාන්තාවක් ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,520 Views

බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ කුඩාහීල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පෙරළී යාමෙන් එහි රියැදුරු ලෙස කටයුතු කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසනවා.

මෙම අනතුර ඊයේ (03) සවස සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 46 හැවිරිදි දොළහේනවත්ත, ගලගම බටහිර, නාකුළුගමුව ලිපිනයේ පදිංචි විජේතුංග ආරච්චිගේ සමන් කුමාරි නමැති විවාහක කාන්තාවක්.

ඇය රැගත් ත්‍රීරෝද රථය දික්වැල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ගමන් කරමින් සිටියදී කුඩාහීල්ල රොටිකඩේ හන්දියට නුදුරින් රිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පැත්තට පෙරළී ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව අවට සිටි අය එක්ව වහා බෙලිඅත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කාන්තාව බෙලිඅත්ත ප්‍රාදේශීය රෝහලේ සිට තංගල්ල මූලික රෝහලට මාරුකර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හදිසි මරණ පරීක්ෂණය තංගල්ල හදිසි මරණ පරීක්ෂක ශ්‍යාමල් වර්ණකුලසූරිය විසින් අද  (04) තංගල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

👁️ 1,520 Views

More News..

Advertise here