Advertise here

ත්‍රිරෝද රථය සේදීම සඳහා කැළණි ගඟට ගිය තරුණිය දියේ ගිලී මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,420 Views

වැල්ලම්පිටිය, කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට ඇද වැටී 21 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ ත්‍රිරෝද රථයක් සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම තරුණිය කැලණි ගඟට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ඇය බේරා ගැනීම සඳහා ඇයගේ 25 හැවිරිදි පෙම්වතා ද ගඟට පැන ඇති අතර ඔහු බේරා ගැනීමට ඔවුන් සමග පැමිණි පිරිසට හැකිවුණත් තරුණිය දියේ ගිලී ඇති බව වාර්තා වේ.

නුවරඑළිය, බගවන්තලාවේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන පස්දෙනෙකු කොළඹ බලා යන අතරතුර අද පස්වරුවේ කොහිලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය නවත්වා තිබුණි.

ඒ කැලණි ගඟ අසල වාහන සෝදන ස්ථානයකින් එම රථය සෝදා ගැනීම සඳහාය.

👁️ 3,420 Views

More News..

Advertise here