Advertise here

වැලිගම සභාපති වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කැළෑබද ප්‍රදේශයක

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,700 Views

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බුත්තල – කතරගම මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක තිබී සොයාගෙන තිබේ.

ඝාතනය සිදුකර ඔවුන් පලාගොස් ඇත්තේ, අදාළ යතුරුපැදියෙන් වන අතර සැකකරුවන් කැකිරාව ප්‍රදේශයට යන අතතුර යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඔවුන් යතුරුපැදිය කැළෑ ප්‍රදේශයේ දමා පලාගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් වනඅලි ප්‍රහාරයකටද ලක්වීමට ගොස් ඔවුන් ඉන් බේරී පලාගොස් ඇති බවද සඳහන් වෙයි.

අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගන්නා ලද මෙම යතුරුපැදිය වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

👁️ 5,700 Views

More News..

Advertise here