“මෙලිසා” සුළි කුණාටුවෙන් පසු ජැමෙයිකාවේ බ්ලැක් රිවර් නගරය දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා
එම සුළි කුණාටුවෙන් විශාලතම විනාශයක් සිදුවූ කලාපය බවට මෙම වරාය නගරය පත්ව තිබෙනවා.
දරුණු සුළං සහ කුණාටු රළ මගින් සියල්ලම පාහේ විනාශ කර දමා ඇති අතර, මාර්ගයන් ද භාවිතයට ගත නොහැකි වී තිබෙනවා.
විදුලිය හෝ ගලා යන ජලය නොමැතිව ජනතාව අසරණ වී හුදකලා වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
කිංග්ස්ටන් (Kingston) නගරයේ සිට කිලෝමීටර් 150 (සැතපුම් 93) පමණ බටහිරින් පිහිටි මෙම වෙරළබඩ නගරයේ මෙතෙක් කිසිදු ආධාර ට්‍රක් රථයක් දැක නැති බවයි ප්‍රදේශවාසීන් විදෙස් මාධ්‍යන්ට පවසා ඇත්තේ.
එමෙන්ම ඔවුන්ට සිදුව ඇත්තේ මාර්ග අසල ඇති සුන්බුන් අතරින් සොයා ගන්නා දේ ආහාරයට ගැනීමට බවද සඳහන් කර තිබෙනවා.
තවත් සමහරු හානියට පත් සුපිරි වෙළෙඳසැල් තුළට ගොස් තමන්ට හැකි දේ රැගෙන ගොස් ඇති බව සඳහන්.