Advertise here

ගම්පහ උඩුගම්පොල මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,600 Views

ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

උඩුගම්පොල දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයේ වම් පස සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වන උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 6,600 Views

More News..

Advertise here