බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ විදුලි සැර වැදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
විදුලි හීටරයක් ස්පර්ශ වී ඇය මෙලෙස මියගොස් ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.
සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
👁️ 2,460 Views