Advertise here

වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය දහවල් 12 දක්වා කල් යයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,520 Views

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (31) උදෑසන 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (31) දහවල් 12 දක්වා කල් දමා තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ සිදුකළ දුරකථන සාකච්ඡාවකින් අනතුරුවයි.

ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යවරයා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අතර පැවති විශේෂ සාකච්ඡාවේදි, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළිගත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමටත්, ඒ වෙනුවට පිළිගත් ක්‍රමවේදය හරහා කාල රාමුවක් සහිතව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමටත් එකඟ වී තිබෙනවා.

එම එකඟතාවයන් සලකා බලමින්, සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවේදී අදාල එකඟතාවයන් තහවුරු කර ලිඛිතව ලැබෙන තුරු, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව ප්‍රකාශයට පත් කර තිබූ වැඩවර්ජනය ආරම්භ කිරිම, අද දහවල් 12 දක්වා තාවකාලිකව දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.

එකඟතාවයන් ක්‍රියාත්මක නොවන්නේ නම්, ඕනෑම මොහොතක නැවත වැඩ වර්ජනය ආරම්භ කිරීමට ද තීරණය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ.

👁️ 1,520 Views

More News..

Advertise here