Advertise here

කුලියාපිටිය බන්ධනාගාරයේ රැඳවියෙකු සරමෙන් ගෙල වැලලාගෙන මියයයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,720 Views

ඊයේ (29) දහවල් කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඇඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

සැකකරු ගෙල වැලලාගෙන තිබෙන බවට දැනගත් පසු ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණා.

නමුත්, ඒ වනවිටත් සැකකරු මියගොස් සිට තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇරෑපොල සිරිපැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධ චෝදනා රැසක් එම සැකකරුට එරෙහිව එල්ලවී තිබූ බවට වර්තා වෙනවා.

ඒ අනුව එම සිද්ධි සම්බන්ධයෙන් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවයි සඳහන් වන්නේ.

සැකකරුගේ දේහය මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා. දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

👁️ 1,720 Views

More News..

Advertise here