Advertise here

මොන්තා සුළි කුණාටුව ආන්ද්‍රාවලට ඇතුළු වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,260 Views

මොන්තා සුළි කුණාටුව ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාන් වෙරළ තීරයන් හරහා ගමන් කර ගොඩබිමට ඇතුළු වී තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ මෙම තත්ත්වය හමුවේ දිවයිනට උතුරු දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකියි.

👁️ 6,260 Views

More News..

Advertise here