Advertise here

වැලිගම සභාපති ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව  සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,640 Views

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (28) ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, වෙඩික්කරුවන්ට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා, එම යතුරුපැදිය අලුත්වැඩියා කර දුන් තැනැත්තා සහ ත්‍රීරෝද රථ රියදුරෙකු බව සඳහන්ය.  

👁️ 4,640 Views

More News..

Advertise here