Advertise here

ටිපර් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,520 Views

මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ වාලච්චේන, වාහනේරි ප්‍රදේශයේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (23) සවස සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරු ඇතුළු එකම පවුලේ කාන්තාවන් හයක් ඇතුළුව පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතර ඇත.

ඔවුන් වාලච්චේන රෝහලට ඇතුළත්කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 74ක් වූ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

මෙම වෑන් රථය එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ බවුසර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරුද තුවාල ලබා වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

👁️ 6,520 Views

More News..

Advertise here